Monkeypox පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) උපදෙස් දෙන විද්‍යාඥයින් පවසන්නේ එය පැතිරීම නැවැත්වීම සඳහා ඇති හැකියාව අඩුවෙමින් පවතින බවත්, දැනට සති දෙකකට වරක් රෝගීන් දෙගුණ වන බවත්, මාස කිහිපයක් ඇතුළත මෙය අධිකව ව්‍යාප්තවීමේ අනතුරකට මුහුණ දිය හැකි බවත්ය.
WHO යුරෝපයේ අගෝස්තු 2 වන විට රටවල් 88 ක වඳුරු රෝගීන් 27,000 කට වැඩි ප්‍රමාණයක් පුරෝකථනය කර ඇති අතර, නවතම ගණනය කිරීම් අනුව රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක රෝගීන් 17,800 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් ඔබ්බට අනාවැකි කීම සංකීර්ණ බව ලොව පුරා විද්‍යාඥයන් රොයිටර් පුවත් සේවයට පැවසූ නමුත් මාස කිහිපයක් සහ සමහර විට දීර්ඝ කාලයක් සඳහා තිරසාර ලෙස මෙම රෝගය ලොව පුරා සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇති බව ඔවුහු පවසා තිබේ