කොවිඩ් පියවරයන් සමාලෝචනය වේගවත් කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් රජයෙන් ඉල්ලයි.


ජපානයේ covid වසංගතය පාලනයට විශේෂඥයන්ගෙන් රජයට උපදෙස් ලැබෙයි

.

ආසාදිතයන් ගණනය  කිරීමේ ක්‍රම වෙනස් කිරීම සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය වෛද්‍ය ආයතනවලට ඉඩ දීම ඇතුළුව COVID-19 ට එරෙහි ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම වේගවත් කරන ලෙස ජපාන සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් රජයෙන් ඉල්ලා සිටියහ.

 

රෝහල්වල බර අඩු කරන අතරම සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් දිගටම කරගෙන යාමට රජය පියවර දෙකකින් ඉදිරියට යා යුතු බවට කොරෝනා වෛරසය පිළිබඳ රජයේ මණ්ඩලයක ප්‍රධානියා වන ජපානයේ ඉහළම කොරොනා වයිරස් උපදේශක ෂිගෙරු ඔමි සහ තවත් සාමාජිකයින් යෝජනා කර ඇත.

 

යෝජනාවට අනුව පලමවන පියවරෙහි වෛද්‍ය සහ නාගරික ප්‍රතිචාර වැනි ක්ෂේත්‍ර පහක නව ක්‍රියාමාර්ග වහාම ගත යුතු අතර දෙවන පියවර යටතේ පුළුල් සමාලෝචනයක් සමඟ දැඩි සහ නම්‍යශීලී පියවරයන්ට පහසුකම් සැලසීම සඳහා නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමු කිරීමට අවශ්‍ය වේ.

104 Views

Comments