ස්ව පැදවීම (self driving)  ජපානය තුළ දී අත්හදා බැලේ


self-driving සේවා  දියත් කිරීමේ බලාපොරොත්තුවෙන් මධ්‍යම ටෝකියෝවේ උමං මාර්ගයක් තුළදී සමාගම් සමූහයක එකතුවෙන් ස්වයංක්??

.

self-driving සේවා  දියත් කිරීමේ බලාපොරොත්තුවෙන් මධ්‍යම ටෝකියෝවේ උමං මාර්ගයක් තුළදී සමාගම් සමූහයක එකතුවෙන් ස්වයංක්‍රීය වාහනයක් ධාවනයේ යොදවා ඇත.

 

කැමරා සහ සංවේදක සහිත මෙම වාහනය Nishi-Shinjuku ප්‍රදේශයේ 2km ක මාර්ගයක   පරීක්ෂා කිරීම් කටයුතු සිදු කෙරේ. 5G තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මෙය මහ මග ගමන් ගැනීමේදී මාර්ග ආලෝක සංඥා හරහා දත්ත ලබා ගනිමින්  අනෙක් පෙදෙසින් එන වාහන පිළිබඳ වඅවබෝධ කරගන්නා ලෙස සැලසුම් කර ඇත.

 

මෙම පරීක්ෂණ සිකුරාදා දින දක්වා සිදුකිරීමට නියමිත අතර වාහන ගාල් කර තැබීමේ  ගැටලුවද අඩු කිරීම  මෙහි තවත් එක් අරමුණකි.

 

2023 වර්ෂයේ අප්‍රේල් මාසයෙන් පටන් ගන්නා නව ෆිස්කල් වර්ෂයේදී මෙම සේවාව ජනතාවට හඳුන්වා රජය බලාපොරොත්තු වෙයි.

 

 

430 Views

Comments