ඉෂිකාවා ප්‍රාන්තයේ ඉහලම ආපදා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.


අධික වර්ෂාව හේතුවෙන් ඉෂිකාවා ප්‍රාන්තයේ ආපදාවන් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ

.

ජපාන මුහුදේ ඉෂිකාවා ප්‍රාන්තයේ කොටස් සඳහා ඉහළ මට්ටමේ ආපදා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ඒ ධාරානිපාත වර්ෂාවෙන් ඇති වන නාය යෑමේ අවදානම හේතුවෙනි.

 

ප්‍රාන්තයේ Komatsu නාගරික ආන්ඩුව අගෝස්තු 4 වෙනිදා දහවල් මුළු නගරය පුරා හදිසි ආරක්ෂක පියවරයන් නියෝග කර ඇත. මෙම නියෝගය ආපදා අනතුරු ඇඟවීමේ මට්ටම් පහෙන් ඉහළම අගය වන අතර, ප්‍රදේශයේ ජනතාව වහාම ඉවත් කිරීම වැනි ක්‍රම මගින් තම ආරක්ෂාව තහවුරු කර ගත යුතු බව එමඟින් දන්වා ඇත.

Comments