ජපානයේ Omicron ප්‍රභේදය ඉලක්ක කරගත් එන්නතකරණ වැඩපිළිවෙළ යළි ආරම්භ වේ


කොරෝනා මර්දනයට ජපානයේ එන්නත් කරන කටයුතු නැවත ආරම්භ කරයි

.

එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී Omicron ප්‍රභේදය සඳහා ඵලදායී බවට තහවුරු කරන ලද නව COVID-19 එන්නතක් නිකුත් කිරීමට ජපාන රජය විසින් සැලසුම් කර ඇති බව මේ සම්බන්ධ සමීප මුලාශ්‍රයක් සිකුරාදා ප්‍රකාශ කළේය.

 

දැනට භාවිතයේ පවතින COVID-19 එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙන්ම Omicron හි BA.1 උප ප්‍රභේදයෙන් ලබාගත් අමුද්‍රව්‍ය ඒකාබද්ධ කරමින් මෙම එන්නත නිර්මාණය කර ඇති අතර මෙමගින් දැනට රට පුරා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින BA.5 උප ප්‍රභේදයේ පැතිරීම අවම කිරීම අපේක්ෂා කෙරේ.

 

එක්සත් ජනපද ඖෂධ සමාගම් Pfizer Inc. සහ Moderna Inc. විසින් සංවර්ධනය කරන ලද මෙම එන්නත, මූලික වශයෙන් දරුණු රෝග ලක්ෂණ වර්ධනය වීමේ වැඩි අවදානමක් සහිත වයෝවෘද්ධ පුද්ගලයින්ට සහ මූලික සංකුලතා සහිත විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ලබා දීමට රජය සැලසුම් කර ඇති අතර එය කෙතරම් ඵලදායිද යන්න මත පදනම්ව තරුණයින් සදහා මීළඟ එන්නත් තොගය නිකුත් කිරීමට නියමිතව තිබේ.

82 Views

Comments