okinawa යනු ජපානයේ සංචාරක ආකර්ෂණය ඉහලින්ම දිනා ගත් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන නගරයකි. එයිනුත් Palace of the Demon King ප්‍රදේශයට පැමිණෙන කිමිදුම්කරුවන්ගේ අවධානයට වඩාත් ලක් වූ ස්ථානයකි.
එය Miyakojima දූපත අවට පිහිටා ඇති කිමිදුම් ප්‍රදේශ අතරෙන් ඉහළම ප්‍රසිද්ධියක් උසුලන කිමිදුම් ප්‍රදේශයකි. මෙම ස්ථානය Shimojijima දූපතේ Shimojijima ගුවන්තොටුපොලට ඉතා ආසන්නව Miyakojimaන් පාලමෙන් එපිට පිහිටා ඇති අතර Miyakojima වරායේ සිට මිනිත්තු 30ක පමණ කාලයකින් බෝට්ටුවෙන් එම ප්‍රදේශයට ළඟා විය හැක .
දිය යට පිහිටි මෙම ගුහාව එක් පුද්ගලයෙකුට පමණක් ඇතුළු විය හැකි කුඩා සිදුරකින් සමන්විත වන අතර ඇතුලත ව්‍යුහය කාමර තුනකින් හා අඳුරු කොරිඩෝවක් වැනි ප්‍රදේශය කින් සමන්විත වේ. එම අඳුරු ප්‍රදේශය පහු කළ සැනින් ඉතා මනස්කාන්ත රාජකීය දර්ශනයකින් එහි පැමිණෙන්නවුන් පිළිගන්නවා ඇත .
ඔබ කිමිදුම් ක්‍රීඩාවේ දක්ෂයකු නම් එක් වතාවක් හෝ නැරඹිය යුතුම ස්ථානයකි මෙම Palace of the Demon King.