ජපානයේ Monkeypox ආසාදිත තුන්වන රෝගියා එක්සත් ජනපද කඳවුරෙන් සොයාගැනේ


Monkeypox ආසාදිත තවත් ජපන් ජාතිකයකු සොයා ගනියි

.

Tokyo අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටා ඇති එක්සත් ජනපද හමුදාවේ Yokota ගුවන් කඳවුරට අනුබද්ධව සේවය කරමින් සිටි 20 හැවිරිදි පුද්ගලයකුට Monkeypox රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය අගෝස්තු 5 දා නිවේදනය කළේය.

 

සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයට අනුව මෙම රෝගියා, ජපානය තුළින් තහවුරු වූ තුන්වන Monkeypox ආසාදිත රෝගියා වන අතර අගෝස්තු 4 වන දින හිසරදය, තෙහෙට්ටුව සහ කැසීම වැනි රෝග ලක්ෂණ පිලිබදව පැමිණිලි කිරීම හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

 

ඔහු 2019 වසරේ සිට ජපානයෙන් පිටතට කිසිඳු සංචාරයක් කර නොමැති බවත් ඔහුගෙන් රෝග ලක්ෂණ දිස්වීමට පෙර දිනෙක කෙටි නවාතැන් සඳහා ජපානයට පැමිණි පුද්ගලයින් සමඟ ඔහු සම්බන්ධ වී ඇති බවත් බලධාරීන් තහවුරු කර ඇති බව සඳහන් වේ.

113 Views

Comments