ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට තවදුරටත් ජපානයේ රැකියා අවස්ථා


ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමට තවදුරටත් සාකච්ඡා කෙරේ

.

ජපානයේ රැකියා අවස්ථා සදහා මෙරට තරුණ තරුණියන් සූදානම් කිරීම සදහා ජයිකා ආයතනයේ අනුග්‍රහය සහිතව ආරම්භ කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිය පිළිබදවත්, පාසල් හැර යන තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදවත් අවධානය යොමු කරමින් ජයිකා ආයතනයේ මෙරට නේවාසික ප්‍රධානී YAMADA Tetsuya මහතා සමග අද උදෑසන සාකච්ඡාවක් පැවැත්වුවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලංකාවේ තරුණ ප්‍රජාවට විවෘත කරගැනීම සම්බන්ධයෙන්ද අපි විශේෂ අවධානය යොමු කළා. එමෙන්ම දැනට SSW වැඩසටහන හරහා ජපානයට යවනු ලබන ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සුභසාධනය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අපි සාකච්ඡා කරනු ලැබුවා.

 

ජයිකා ආයතනය විසින් බංගලිදේශයේ සහ වියට්නාමයේ ස්ථාපිත කළ ආකාරයේ පුහුණු පහසුකම් ඇති කිරීම සම්බන්ධයෙන් අපි මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්තා. ජපානයේ රැකියා අවස්ථා සඳහා තරුණ පුද්ගලයින් සූදානම් කිරීම සඳහා ජයිකා ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්නා.

 

 

Comments