ශ්‍රී ලංකාවේ යල් පැන ගිය උසස් අධ්‍යාපන ක්‍රම


ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන යල් පැනගිය උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ආචාර්යවරයෙකුගේ ඇසින්

.

ශ්‍රී ලංකාවේ යල්පැන ගිය ක්‍රමය අනුව PhD student position එකක් සඳහා බඳවා නොහැකියි පවසා නොසලකා හැරියත්, 2013 දියුණු ජපානය මට ලබාදුන්  PhD scholarship හි Inauguration උත්සවයේ වසර 09ක සංවත්සරය අදයි. බොහෝ දෙනක් කතා කිරීමට මැලිවන ශ්‍රී ලංකාවේ යල්පැන ගිය පශ්චාත් උපාධි සහ අධ්‍යන හෝ පර්යේෂණ තනතුරු සඳහා ක්‍රමය ගැන සටහන ඒ වෙනුවෙන් !!!!

 

මට තියෙන්නේ කොළඹ විශ්විද්‍යාලයේ B.Sc general degree එකක්. GPA එක 2.89/4.00. ඒ කාලේ  මගේ පීඨයේ C එක දුන්නේ 50 න්. GPA system එකෙත් අවුල් තිබුණා, C – 2.0, C+ – 2.25, B- – 2.75, B – 3.0, B+ – 3.25, A- – 3.75, A – 4.0, A+  4.25 වගේ අසමාන සුත්රයක්. අපි ඒ ගැන කතා කළත් අපිට පස්සේ අවුරුද්දේ තමයි ඒක නිවැරදි වුණේ. කොළඹ විශ්විද්‍යාලයේ රසායන විද්යා දෙපාර්තමේන්තුවෙ ගුරුවරු, තාක්ෂණ නිලදාරීන් මට  analytical instrument ගැන ලොකු උනන්දුවක් සහ මුලික අවබෝධයක් තිබුණ බව දැනගෙන හිටි නිසා මට ඒවා පෙන්නලා ගැඹුරින්ම කියා දුන්නා. කණගාටුයි කියන්න, වෙනත් සමහර දෙපාර්තමේන්තු general degree කරන  අය  lab එකක් ලඟට එනවටවත් කැමති වුණේ නෑ. කොළඹ විශ්විද්‍යාලයේ Analytical Chemistry M.Sc එකේ GPA 3.92/4.00 වශයෙන් ඉතා ඉහල ලෙස 2012 මම සමත් වුණේ තනිවම කුඩා lab එකක් run කරන්න  ඉතාම හොඳ පුහුණුවකුත් එක්ක. 

 

මම ලංකාවේ NRC PhD position කීපෙකටම ඉල්ලුම් කලත් හැමෝම ඒ ආචාර්ය මහාචාර්යවරු මට කිව්වේ මගේ B.Sc general එක නිසා මාව ගන්න බැරි බව. කිසිම පර්යේෂණ ආයතනක හෝ විශ්විද්යාලයක අධ්යන හෝ පර්යේෂණ තනතුරු වලට මට ඉල්ලුම් කරන්නවත් නොසුදු වුණේ මගේ B.Sc general එක නිසා. ඔය අතරේ මට ලන්ඩනයේ සිටින ප්රකට ශ්රී ලාංකික මහාචාර්යවරයෙක්  දුන්න PhD student අවස්තාව අත ළඟටම ඇවිත් නැති වුනේ 2012 දීර්ඝ අධ්යන-අනධ්යන වැඩ වර්ජනය අතරතුරේ අවශ්ය සහතික පමාව නිසා.

 

ලංකාවේ කිසිම අධ්යන ආයතනයකට හෝ පර්යේෂණ ආයතනකට PHD student position සඳහා බඳවා නොගත්ත මම ජපානයේ Kochi University of Technology විශ්විද්යාලය PhD Special Scholarship Program සඳහා පිළිගත්තේ ඉතාම ඉහලින්, උණුසුම්ව. මගේ අත්දැකීම් සහ දැනුමේ සියලු ප්රයෝජන නොයෙක් ආකාරයට ලබාදෙන්න ඔවුන් මට ඉඩ දුන්නා. ජපන් මිනිස්සු අපිට මිනිස්සු ලෙස වටිනාකමක් දුන්නා. අපේ දුප්පත් නැතිබැරි කම් වලට උසුළු විසුළු නොකර, අපිට දෙපයින් නැගිටින්න අත දුන්නා. ජපන් සමාජයේ කොටසක් ලෙස අපිව ගෞරවයෙන් ආදරයෙන් පිළිගත්තා. අපි ජපානයේ දියුණුව වෙනුවෙන් මේ කරන පර්යේෂණ වෙනුවෙන් එදිනදා මගදී හමුවුන ජපන් මිනිස්සු ගොඩක් ස්තුති කළා. ජපන් ළමයින්ට ඉංග්රීසි උගනන්න විදේශ ශිෂ්යන් ලෙස අපේ මහන්සියට හදවතින්ම ඔවුන් ස්තුති කළා. නොයෙක් අභියෝග එක්ක මම හොඳම ශිෂ්යයා ලෙස "Award of Japan Chemical Society 2015, for the outstanding academic record in field of Chemistry" සමග Award 04 ක් සමග Nanotechnology ක්ෂේස්තරයෙන්  PhD එක 2016 ගත්තේ මගේ ගුරුවරුන්ගේ සියලු කැපවීම් වලට පින් සිද්ධ වෙන්න. 

 

Successful PhD සහ Postdoc research වලින් පසුව ජපානයේ ප්රමුඛ විශ්විද්යාලත්, ලෝකයේ පර්යේෂණ වලට #2 සිටින යුරෝපයේ විශ්විද්යලයකුත් අපිට අවස්ථාවක් දුන්නට යල්පැනගිය චක්රලේඛ වලින් දුවන ලංකාවේ විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන වලට අපිව අවශ්ය නැහැ. මොනවා කළත් ලංකාවේ විශ්විද්‍යාල සොයන්නේ B.Sc එකේ class එක. ලංකාවේ UGC 721 circular annex පදනම්ව  බඳවා ගැනීම් කරන නිසා සමහර දුර බැහැර ආයතන වල මහාචාර්යවරු මට කිව්වේ "nanotechnology උගන්නන්න නම් අපිට ඕනේ තරම් අය ඉන්නවා" කියල ??!!!  මගේ ජපන් මහාචාර්යතුමා කිව්වේ "ජපානයේ nanotechnology උගන්වන්න ඕනේ තරම් අය නැති නිසා" මට තවත් ටිකක් ජපානයේම නවතින ලෙස 3. මට ලංකාවේ ලැබුන එකම අවස්තාවත් ලැබුනේ ජෛව විද්‍යාව පදනම් වුණ අධ්‍යනාංශයකින්. එහි විශ්ලේෂණයට තාම සුදුසු අවස්තාව නෙවෙයි.

 

දැන් මම පර්යේෂණ කරන්නේ ඩෙන්මාර්කයේ advanced hydrothermal synthesis of energy materials. අපේ විශේෂඥ හැකියාවෙන් නොමසුරුව ප්‍රයෝජනයක් ගන්නා තැනකට වැඩක් කරමින් සිටිනා විට "බුද්ධි ගලනය" කියා සමහරක් වැලලෙන්න හැදුවට සත්යය මෙයයි. 

 

SLQF ක්‍රමය හඳුන්වාදුන් පසුවත් මේ යල්පැන ගිය ක්‍රමය යාවත්කාලීන නොකර "බුද්ධි ගලනය" ගැන මැතිරීමෙන් පලක් වේද ?

 

පසු ලිවීම් සටහන:

මහාචාර්ය Kaveenga Koswattage මහතා ගේ ප්‍රතිචාරය කියවන ලෙස ඉල්ලනවා සියලු දෙනාට. General Degree තිබෙන නමුත් පසුව strong track record පෙන්වා  ඇති අයට විශ්වවිද්‍යාල තනතුරු වලට බඳවාගැනීමේ දැන්වීම් වලට ඉල්ලුම්පත්‍ර එවන ලෙස එතුමා සඳහන් කරන තිබනවා. සමහර/බොහෝ ආයතන ප්‍රධානීන් General Degree තිබෙන අයට  interview call කිරීමට පවා මැලි වුනත්, 4th category  යටතේ ඉල්ලුම් කරුවන් UGC approval සහිතව බඳවා ගැනීමට ඉඩ සලසා තිබෙන බවත් එකතු කරන්න ඕනේ !!!!

 

මේ වන විට මෙය, විශාල ප්‍රමාණයක් ශේයර් වී තිබෙනවා නොයෙක් අදහස් සමග. අදහස් වල විවිධත්වයක් තිබීම ගොඩක් වටිනවා. කෙටි සමස්ථ පිළිතුරක් ලෙස කියන්න තිබෙන්නේ: විශ්වවිද්‍යාල වල බඳවාගැනීමේදී B.Sc එකේ class එක පමණක් බැලුවට ඔවුන්ට අවශ්‍ය විට අපේ විසේෂඥ දැනුම පිලිගන්නවා. උදාහරණයක් ලෙස ගිය වසරේදී ඉංජිනේරු විද්‍යාව සඳහා ලංකාවේ ප්‍රකටම විශ්වවිද්‍යාලයක සෙනෙට් සභාව විසින් ඔවුන්ගේ 03 Million LKR පර්යේෂණ අරමුදල් ඉල්ලුම් පත්‍රයක් ඇගයීමට ලක්කිරීම සඳහා මා වෙත ඒවා; මගේ ඇගයීම සෙනෙට් සභාව පිළිගෙන ඔවුන් ඒ පර්යේෂණ අරමුදල් ඉල්ලුම් කරුවන්ට ප්‍රධානය කළා. උසස් අද්යාපන ආයතනයක අනන්‍යතාවය යනු යම් කලෙක එහි ඇති චක්‍රලේඛ, අනු-නීති, සේවය කරන අය හෝ ඉගෙන ගන්නා අය නොවෙයි. ඔවුන් කලෙක අපව නොසලකා තිබුනත්, අපේ උදව් ඉල්ලු විට අපේ උපරිම හැකියාවෙන් අපි මේ ආයතන වලට උදව් කරනවා. ??  නුදුරේදීම ජපානයේ PhD ඉල්ලුම් කිරීම් ගැන Kochi University of Technology alumni association, Sri Lanka Branch මගින් දැනුවත් කිරීමට webinar  කරනවා. ?? !!!

 

By Dr. Chandima Pradeep 

Comments