1923 වසරේ සිදුවූ මහා Kanto භූමිකම්පාවෙන් පසුව යළිත් වරක් ප්‍රතිසංස්කරණය කරන ලද Miyoshi පාලම


Miyoshi පාලම ප්‍රතිසංස්කරණය කෙරේ

.

ජපාන අගනුවර Chuo Ward හි Ginza සාප්පු සවාරි දිස්ත්‍රික්කයට සමීපව පිහිටා ඇති, වෙනස් වන භූ දර්ශනය හමුවේ නොවෙනස්ව සිය අලංකාරය පවත්වා ගන්නා Miyoshi පාලම, වර්ෂ 2018 වන තෙක් රටේ විශාලතම මාළු වෙළඳපොල වූ Tsukiji දිස්ත්‍රික්කයෙන් දකුණට දෙසට වන්නට අදටත් විරාජමානව වැජඹෙන ආකාරය නගරයට පිවිසෙන ඔබට සිත්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබේ . 

 

පළලින් මීටර් 15ක් පමණ වන මෙම පාලම සියුම් වක්‍ර සහ තුන්මං හන්දියක් සහිත වඩාත් දුර්ලභ ගණයේ පාලමක් ලෙස සැලකෙන අතර සුප්‍රසිද්ධ ලේඛක Yukio Mishima ගේ "The Seven Bridges" නම් නවකතාවේ රචනයට පවා මෙය පාදක විය. එමෙන්ම උදෑසන කාලයේදී එදිනෙදා භාණ්ඩ පටවාගත් යාත්‍රා රැගත් Tsukiji නදිය කාර්යබහුල ලෙස Miyoshi පාලමට යටින් ගලා බසින නමුදු සන්ධ්‍යා කාලයේදී හිරු බැස ගිය යන විට පාලමට පහලින් අධිවේගී මාර්ගය ඔස්සේ නොකඩවා නිවෙස් වෙත ඇදෙන මෝටර් රථ සමූහය අතිශයින් සාමකාමීව නිරීක්ෂණය කළ හැකිය. 

 

මෙට්‍රොපොලිටන් අධිවේගී මාර්ගය සහ Tokyo Metro හි Yurakucho මාර්ගය යන මාර්ග ද්විත්වය මෙම පාලමට යටින් දිවෙන අතර එය වටා ඉදිකර තිබෙන උස් ගොඩනැගිලි මගින් තවමත් පාලමේ ක්‍රියාකාරී අලංකාරය නොනැසෙන පරිදි ප්‍රදේශයේ භූ දර්ශනය දැඩි ලෙස වෙනස් කරමින් පවතී.

97 Views

Comments