Shiga ප්රාන්තයේ Yuzurio දිස්ත්රික්කය හරහා ගලා බසින Kanzakigawa නදියේ වතුර පහර එකවර වැඩි වීම හේතුවෙන් පැය හතරකට ආසන්න කාලයක් පුරාවට ගං ඉවුරේ ආරක්ෂිත භූමියක් සොයා ගැනීමට නොහැකිව සිරවී සිටි කඳු නගින්නන් දුසිම් හතරකට වැඩි පිරිසක් සහ ඔවුන්ගේ මාර්ගෝපදේශකයින් බේරා ගැනීමට පසුගිය අගෝස්තු 6 වන දින මුදවා ගැනීමෙ කණ්ඩායම් සමත්වී ඇති බව වාර්තා වේ .
සියලු දෙනාට මුහුණ දීමට සිදුව තිබෙන දුක්ඛිත තත්ත්වය පිළිබඳව සංචාරක ක්රියාකරු විසින් පළාත් පාලන ආයතන වෙත සිදුකළ දැනුම් දීමකින් අනතුරුව ප්රාන්ත පොලිසියේ සහ ප්රාදේශීය ගිනි නිවන භටයින්ගෙන් සමන්විත මුදවා ගැනීමේ කණ්ඩායම් අදාළ ස්ථානය වෙත ළඟා වී තිබේ .
කඳු නගින්නන්ගේ කණ්ඩායමේ සිටි සාමාජිකයින් ආරක්ෂිතව ඉහළට ගැනීම සඳහා මෙහෙයුම් කණ්ඩායම් විසින් ඉවුර වෙත දිගු කඹයක් සමඟ මාර්ගයක් යොදාගෙන තිබූ අතර පළාත් පාලන ආයතනවලට අනුව කණ්ඩායමේ සිටි කිසිදු පුද්ගලයකුට තුවාල සිදුවී නොමැති බව සදහන් වේ.