පසුගිය මූල්‍ය වර්ෂය තුළ ජපානයේ ළමා සුරැකුම් නිවාඩු ලබා ගන්නා පිරිමි ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. එහෙත් 2025 වන විට රජයේ ඉලක්කය සපුරා ගත හැකිද යන්න තවමත් අවිනිශ්චිතව පවතී.
සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී රට පුරා ව්‍යාපාර 6,300 ක සමීක්ෂණයක් සිදු කළ අතර 3,683 ක් ප්‍රතිචාර දක්වා ඇත. කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පවසන්නේ ළමාරක්ෂක නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට සහය වන පරිසරයක් නිර්මාණය කිරීමට තමන් කටයුතු කරන බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අපේ‍්‍රල් මාසයේ සිට සමාගම් විසින් මාපිය නිවාඩු ක්‍රමය පිළිබඳව තම සේවකයන් දැනුවත් කිරීමට සහ රජය විසින් ලබාදෙන මුදල් අත්පත්‍රිකා පිළිබඳව පැහැදිලි කිරීමට අවශ්‍ය වන බවයි.