රුසියානු හමුදා බලපෑම හේතුවෙන් ආක්‍රමණයකට මුහුණදීමට ඉතා ආසන්න යුක්රේනයෙන් සිය සේවක පිරිස ඉතා ඉක්මනින් ඉවත් කර ගැනීමට යුක්රේනයේ පිහිටි ජපාන ව්‍යාපාරික සමාගම් මේ වනවිට ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
ජපාන සමාගම් රාශියක් යුක්රේනය තුල සිය නිශ්පාදන අලෙවි කරමින් සිටින ලබන අතර ඒවා බොහොමයක් කෘෂි යන්ත්‍රෝපකරණ , දුරකථන, ඉදිකිරීම් යන්ත්‍ර සහ රථ වාහන වේ. මේ වන විට යුක්රේනයෙන් ජපන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඉවත් වී ඇති අතර ඉතිරි පිරිස කඩිනමින් ජපානය වෙත නැවත ගෙන්වා ගැනීමට සමාගම් යුහුසුළුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.