සිය සැමියාගේ දේහය අතැර ගිය කාන්තාවක අත්අඩංගුවට ගැනේ


සැමියාගේ මෘත දේහය නිවසේ අතහැර ගිය බිරිඳ අත්අඩංගුවට පත්වේ

.

Tonari Nakazawa නම් 78 හැවිරිදි සැමියාගේ මරණින් පසු ඔහුගේ දේහය නිවස තුළ දමා ගිය බවට සැකපිට 56 හැවිරිදි ස්ථිර ලිපිනයක් හෝ රැකියාවක් නොමැති Kazumi Noda නම් කාන්තාවක Shizuoka නගරයේ පොලිසිය විසින් අගෝස්තු 8 වන සඳුදා දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

පොලිස් වාර්තා වලට අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට අගෝස්තු 3 වන දින දක්වා කාලය තුළ සැකකාර කාන්තාව විසින් සැමියාගේ මළ සිරුර මෙලෙස අතැර ගොස් ඇති අතර ඔහුගේ මරණයට පෙර සිටම මෙම යුවළ එකම නිවසක වාසය කර ඇති බව පැවැසේ. මාස ගනනාවක් පුරාවට ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකිව සිටි Shizuoka නගරයේ සුභසාධන සේවකයෙකු ඔහු පිළිබඳව සොයා බැලීම සඳහා 3 වන දින පස්‌වරුවේ Nakazawa ගේ නිවසට පැමිණීමත් සමග සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීම ආරම්භ වී තිබේ . 

 

මියගිය පුද්ගලයාගේ මළ සිරුර සාලයේ තිබීයදී හමුවූ බවත් ඔහු මියගිය ආකාරය පිලිබද කිසිදු කරුණක් අත්අඩංගුවට පත්වූ සැකකාර කාන්තාව විසින් මේ වනතුරු හෙළි කර නොමැති බැවින් මරණයට හේතුව සොයා බැලීම සඳහා මරණ පරීක්ෂණයක් පවත්වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පොලිසිය පැවසීය.

83 Views

Comments