Hokkaido ප්‍රදේශය සෙලවූ අති ප්‍රබල භූමිකම්පාව


අගෝස්තු එකොළොස් වන දින හොකයිඩෝ ප්‍රාන්තයෙන් දරුණු භූමිකම්පාවක් වාර්තා වෙයි

.

අගෝස්තු 11 වන බ්‍රහස්පතින්දා දින අලුයම 12.53 ට පමණ ජපානයේ උතුරු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන Hokkaido හි අතිශය ප්‍රබල භූමිකම්පා යුගලයක් ඇති වූ නමුත් කිසිදු ආකාරයක සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 

 

භූකම්පන දෙකෙහිම නාභිගත කිරීම් පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් සටහන්ව ඇති අතර විශාලත්වය 5.1 ක් සහ තීව්‍රතා පරිමාණයෙන් 5 ට වඩා අඩු අගයක් ලෙසට ඇස්තමේන්තු කරන ලද පළමු භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් නගරය ඉන් සුළු මොහොතකට පසුව රිච්ටර් පරිමාණයේ 5.3 ක මූලික ප්‍රබලත්වයකින් යුත් සහ තීව්‍රතා පරිමාණයෙන් 5 ට වඩා වැඩි අගයක් ලෙස සටහන් වූ දෙවන භූමිකම්පාවට ගොදුරු වී තිබේ . 

 

මෙහිදී Nakagawa ප්‍රාන්තය ඇතුළුව දිවයිනේ උතුරු කොටසේ ප්‍රදේශ 4 කට බලපෑ  කම්පනයේ විශාලත්වය පරිමාණයේ 7 ක් ලෙස සටහන් වී ඇති අතර කෙසේ වුවත් භූකම්පනය හේතුවෙන් ඇතිවූ දේපළ හෝ මනුෂ්‍ය හානිය පිළිබඳ ක්ෂණික වාර්තා කිසිවක් තවමත් ලැබී නොමැති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් ප්‍රාදේශීය පොලිසිය පැවැසීය.

Comments