ගුරු හිගය පියවීමේ අරමුණින් 'කඩදාසි ගුරුවරුන්' පුහුණු කිරීම ආරම්භ කළ ජපාන නගරය


ජපානයේ ගුරු හිඟයට පිළියමක් ලෙස කඩදාසි ගුරුවරුන් හඳුන්වා දෙයි

.

වර්තමානය වනවිට සේවයේ නියුතු අධ්‍යාපනඥයින්ගේ උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බටහිර ජපානයේ Kobe ප්‍රාන්තයේ නාගරික අධ්‍යාපන මණ්ඩලය විසින් ඉගැන්වීම් බලපත්‍රයක් ඇති නමුත් ගුරුවරුන් ලෙස සේවය නොකරන "කඩදාසියට පමණක් සීමාවූ ගුරුවරුන්" ඉලක්ක කර ගනිමින් "Kobe Kyoin" යනුවෙන් පුහුණු වැඩසටහනක් දියත් කර ඇති අතර එළැඹෙන අගෝස්තු 22 දක්වා ආරම්භක පියවරේ පළමු වටය සඳහා සහභාගිවන්නන් පිළිගනු ලැබේ. 

 

දින පහක ප්‍රායෝගික පුහුණුවෙන් පසුව අගෝස්තු මස අග භාගය වනවිට සහභාගිවන්නන් සියලු දෙනා පාසල්වල තාවකාලික ගුරු උපදේශකවරුන් ලෙස සේවයේ යෙදවීමට අධ්‍යාපන මණ්ඩලය සැලසුම් කර ඇති අතර රෝගාබාධ, දරු ප්‍රසූතිය සහ ළමා රැකවරණය ඇතුළු හේතූන් මත මැයි 1 වන දින වන විට Kobe හි ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල්වල ගුරු පුරප්පාඩු 26ක් පවතින බවට ගණන් බලා තිබේ. 

 

ජපානය පුරා "කඩදාසි ගුරුවරුන්" මිලියන 4 කට වැඩි ප්‍රමාණයක් සිටින බවට රජය විසින් මේ වනවිට ගණන් බලා ඇති අතර "අනාගතයේ දී ගුරු හිඟය තවත් උග්‍ර වීමේ අවදානමක් ඇත. එනිසා මෙම නව වැඩසටහන ඔස්සේ සහභාගිවන්නන්ට ප්‍රතිලාභ ලබා දෙන පාසල්වල කාලය සොයා බලා ඔවුන්ව පූර්ණ කාලීන රැකියා සඳහා යොමු කරවීමට හැකි  සෑම උත්සාහයක්ම ගැනීමට අපි බලාපොරොත්තු වෙමු" යනුවෙන් අධ්‍යාපන මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය . 

 

මීට පෙර නගර අධ්‍යාපන මණ්ඩලය විසින් ලියාපදිංචි තාවකාලික කථිකාචාර්යවරුන් සමඟ කෙටිකාලීන පුරප්පාඩු පිරවීම සිදුකළ නමුත් රටපුරා ඉහළ යමින් පවතින ගුරු හිඟය හේතුවෙන් එලෙස ගුරුවරුන් සොයා ගැනීම අතිශය අසීරු කටයුත්තක් බවට පත්ව තිබීම හේතුවෙන් ප්‍රාන්ත නගරයේ අධ්‍යාපන මණ්ඩලය මෙවැනි පියවරක් අනුගමනය කිරීමට කටයුතු කර ඇති බව පැවැසේ.

140 Views

Comments