දුර්වල යෙන් හේතුවෙන් ආහාර 10,000 වැඩි ප්‍රමාණයක මිල ඉහල යාමට නියමිතයි.


ජපානයේ ආහාර ද්‍රව්‍ය බහුතරයක මිල ඉහළ යාමට නියමිතයි

.

දුර්වල යෙන් නිසා ආහාර ද්‍රව්‍යවල ආනයන වියදම් මිල අධික වීම හේතුවෙන් 2022 අග භාගය සඳහා ජපානයේ ආහාර මිල ගණන් අඛණ්ඩව ඉහළ යා හැකි බව මෙන්ම අගෝස්තු මාසයේ සිට භාණ්ඩ 10,000 කට වඩා වැඩි ප්‍රමාණයක මිල ඉහළ යාමට නියමිත බව ණය පර්යේෂණ සමාගමක් විසින් නිවේදනය කර ඇත. 

 

Teikoku Databank සමීක්ෂණයට අනුව මෙම වසර අවසානයේදී තවත් ද්‍රව්‍ය 8,043 ක මිල ඉහළ නැංවීමට සැලසුම් කර ඇති අතර භාණ්ඩ 2,431 ක මිල ගණන් අගෝස්තු මාසයේදී ඉහළ යාමට නියමිතව ඇත.

 

මෙම වසරේ මිල ඉහළ ගොස් ඇති හෝ එසේ කිරීමට අපේක්ෂා කරන මුළු නිෂ්පාදන සංඛ්‍යාව ද්‍රව්‍යයන් 18,532 ක් දක්වා ගෙන එනු ඇති අතර උද්ධමනය හේතුවෙන් වසර අවසන් වන විට මිල ගණන් ඉහළ යන මුළු ද්‍රව්‍ය සංඛ්‍යාව 20,000 ඉක්මවිය හැකි බවට සමීක්ෂණය පෙන්වා දී ඇත.

145 Views

Comments