සිය සහකරු ඝාතනය කළ කාන්තාවක අත්අඩංගුවට ගැනේ


සිය සහකරු ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගනී

.

Saitama ප්‍රාන්තයේ Yashio ප්‍රදේශයේදී තම සහකරු වූ 51 හැවිරිදි Shoichi Shikama නම් සමාගම් සභාපතිවරයා පිහියකින් ඇන ඝාතනය කළ බවට සැකපිට 40 හැවිරිදි Yumi Ito නම් රැකියා විරහිත කාන්තාවක ප්‍රාන්ත පොලිසිය විසින් සෙනසුරාදා දින අත්අඩංගුවට ගෙන තිබේ.

 

Shikama සමාගමේ සේවකයෙකු සිකුරාදා දින පස්වරු 1 ට පමණ සිය ස්වාමියා රැකියාවට නොපැමිණීම සහ ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔහු පිළිබඳව සොයා බැලීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දොර අගුළු දමා ඇති බවට දැක ඇති අතර ඉන්පසුව සේවකයා විසින් 110 අමතා සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබේ. 

 

පොලිස් නිලධාරීන් පැමිණ නිවසට ඇතුළුවීමේදී පපු ප්‍රදේශයට සහ වෙනත් තැන්වලට එල්ල කරන ලද පිහි ප්‍රහාර නිසාවෙන් සාලයේ කෙලවරක බිම වැටී සිටි Shikama දක්නට ලැබී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් සිටි බවට තහවුරු වී තිබේ. ඝාතනයෙන් අනතුරුව මහල් නිවාසයේ සිටි Ito ගෙළ වැළලා ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති නමුත් නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විටත් ඇය සිහියෙන් සිටි බව පොලිසිය මෙහිදී සදහන් කළේය .  

 

දෙදෙනා අතර පැවැති සම්බන්ධය හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව තමන් විසින් Shikama ට පිහියෙන් ඇන්න බවට ඇය පොලීසියට පාපොච්චාරණය කර ඇති බවත් මාරාන්තික පිහි ඇනුමේ චෝදනාව Ito විසින් පිළිගෙන ඇති බවත් පොලීසිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

118 Views

Comments