කේශ පරිත්‍යාගශීලීන්ගේ දැනුම වැඩිදියුණු කිරීමට පියවර ගත් ජපානය


පිළිකා රෝගීන් සඳහා කොන්ඩය පරිත්‍යාග කරන දාන කියන්න තව තවත් දැනුවත් කරයි

.

 

පිළිකා සහ වෙනත් රෝගවලින් පෙළෙන ළමුන් සඳහා අත්‍යාවශ්‍ය වන වෛද්‍ය විද්‍යාත්මක කොණ්ඩ නැතහොත් Wigs සෑදීම සඳහා යොදාගනු ලබන හිසකෙස් පරිත්‍යාග කිරීම වෙනුවෙන් රටපුරා සංවිධානය කරනු ලබන වැඩසටහන් සංඛ්‍යාව මේ වනවිට අතිශය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින නමුත් ඒ සදහා යොමුවීමට කැමැත්තක් දක්වන පරිත්‍යාගශීලීන් අතර පවතින දැනුම ප්‍රමාණාත්මක නොවීම සහ ක්ෂේත්‍රයේ නියුතු නිෂ්පාදකයින්ගේ හිඟය එහි ප්‍රගතියට බාධාවක් වී තිබේ. 

 

මෙනිසා Fine Today Shiseido සමාගම සහ NPO යන ආයතන ද්විත්වයේ ඒකාබද්ධ දායකත්වයෙන් රට තුළ  රූපලාවන්‍ය සුභසාධන පදනමක් පිහිටුවීමට සහ වෛද්‍ය විද්‍යාත්මක කොණ්ඩ සෑදීමේ ඉතිහාසය, අරමුණ සහ වර්තමාන තත්ත්වය පිළිබඳව රටේ අනාගත පරිත්‍යාගශීලීන්ට තොරතුරු සැපයීම සඳහා ප්‍රජා දැනුවත් කිරිමේ වැඩසටහන් ආරම්භ කිරීමට පසුගියදා පියවර ගැනිණි. එමෙන්ම මෙම සේවාව ලබා ගන්නා දරුවන් සමඟ සම්බන්ධ වීමට පරිත්‍යාගශීලීන්ට අවශ්‍ය වුවහොත් එවැනි අවස්ථාවකදී භාවිතයට ගත හැකි වන පරිදි සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යාමද මෙම පදනම විසින් සිදු කරනු ලබයි. 

 

හිසකෙස් පරිත්‍යාග කිරීමේදී අදාළ පුද්ගලයා විසින් කොන්දේසි කිහිපයක් සපුරාලීම අනිවාර්ය වේ. මෙහිදී කෙස් කොටසේ දිග අවම වශයෙන් සෙන්ටිමීටර 31ක පමණ විය යුතු වන අතර හිසකෙස් ඉතා තුනී හෝ බිඳෙන සුළු නොවීය යුතුය. එනම් සැහැල්ලුවෙන් ඇදීමේදී කැඩී නොයා යුතුය. එවැනි පිළිගත නොහැකි හිසකෙස් දායකයෙකු හමුවුවහොත් ඔහුගේ හෝ ඇයගේ අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම සිදු කෙරේ. මෙම නීති සංවිධානය අනුව වෙනස් විය හැකි වන අතර පරිත්‍යාගශීලියාගේ වයස සහ ලිංගිකත්වය මෙහිදී වැදගත් නොවේ.

Comments