ඉන්දියාව සාම්ප්‍රදායික dussehra උත්සවය සමරයි.


ඉන්දියානු මෙවරත් දුසේරා උත්සවය උත්සවශ්‍රීයෙන් සමරයි

.

ඉන්දියාව පුරා ජනතාව බදාදා ප්‍රධාන හින්දු උත්සවයක් සමරා ඇත. කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල මෙම උත්සවය අවලංගු කර ඇත. 

 

දුසේරා යනු සාම්ප්‍රදායික හින්දු උත්සව තුනෙන් එකකි. යක්ෂයා කෙරෙහි දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය සැමරීම මෙයින් සිදු කෙරේ. අයහපත් ඉරණම වළක්වා ගැනීමට මිනිසුන් යක්ෂයාගේ රූප පුළුස්සා දමයි. 

 

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ එක් ස්ථානයක 1,000 කට වැඩි පිරිසක් මෙම සැමරීමට සහභාගී වී ඇත. මීටර 10ක් පමණ උස ප්‍රතිමා තුනක් ගිනි තැබුනු අතර ඒවා ඇතුලේ තිබුණු රතිඤ්ඤා මහා හඬින් පිපිරෙමින් සාම්ප්‍රදායික උත්සවය සාර්ථකත්වයට පත්කර ඇත.

159 Views

Comments