ඊයේ(23) ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය සහ ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රබල හිම කුණාටුවක් පැමිණීම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අද(24) සිට අනිද්දා(26) දක්වා මෙම දූපත් සමූහයට දැඩි ශීතල සහ අධික හිම පතනයක් අපේක්ෂා කරන අතර අනවශ්‍ය ලෙස පිටතට යාමෙන් වළකින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව හෙට(25) දින මධ්‍යම තෝකියෝ, ඕසකා, නගෝයා, ෆුකුඕකා සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය පහළට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.