ජපානයේ ඇෆ්ගන් තානාපති ජාත්‍යන්තර සහාය ඉල්ලයි.


ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර සහය පතයි

.

දරිද්‍රතාවයට සහ සාගින්නෙන් පෙළෙන ඇෆ්ගන් ජනතාවට සහය වන ලෙස ජපානයේ ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා  ඇත. පසුගිය රජය යටතේ ප්‍රධාන තනතුරු කිහිපයක සේවය කිරීමෙන් පසු අබ්දාලි පසුගිය වසරේ වසන්තයේ දී ජපානයේ තානාපතිවරයා බවට පත්විය. පසුගිය අගෝස්තුවේ තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසුවද ඔහු එම රැකියාවේ රැඳී ඇත.

 

2001 සැප්තැම්බර් 11 වෙනිදා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසර 20 ක් පුරා රට දැරූ උත්සාහය පසුගිය රජය බිඳ වැටීමත් සමඟ අපතේ ගිය බව අබ්දාලි පෙන්වා දී ඇත. ඔහු පැවසුවේ ඇෆ්ගනිස්ථානය පැහැදිලිවම බොහෝ වෙනස් වී ඇති බවයි.

 

පසුගිය වසරේ සිට දරිද්‍රතා මට්ටම ඉහළ යමින් පවතින බවත්  ජනතාව කුසගින්නෙන් පෙළෙන බවත් ඔහු පවසා ඇත. විශේෂයෙන්ම ජනතාව පත්ව සිටින තත්ත්වයට මුහුණදීම සඳහා ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම අවශ්‍ය බව තානාපතිවරයා අවධාරණය කළේය.

Comments