අගමැති Fumio Kishida හට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


ජපානයේ වත්මන් අගමැති ට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට ගනී

.

අගෝස්තු 10 වෙනි දින රාත්‍රී 7.30 ට පමණ 110 අමතා ජපාන අගමැති Fumio Kishida ඝාතනය කරන බවට තර්ජනය කළ Saitama නගරයේ පදිංචිව සිටි Satoshi Yamagishi නම් 51 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

ඔහු විසින් Kishida මරා දමන බවට තර්ජනය කරමින් ඇමතුම ලබා ගත් ස්ථාවර දුරකථනය පිහිටි ස්ථානය නව තාක්ෂණය ඔස්සේ සොයාගැනීමෙන් අනතුරුව සැකකරුගේ නිවාස හදුනාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් වේ . කෙසේ නමුත් Yamagishi තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් සිදුවීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව පැවැසූ බවත් පොලීසිය සඳහන් කළේය. 

 

සැකකරුගේ නිවස පිරික්සීමේදී සැක සහිත ආයුධ කිසිවක් හමුවී නොමැති නමුත් ඔහු කිසියම් දේශපාලන හෝ ආගමික සංවිධානයකට සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා අඛණ්‌ඩ පර්යේෂණ ක්‍රියාත්මක කරන බවත් මෙහිදී වැඩිදුර අදහස් දක්‌වමින් පොලිසිය පැවැසීය.

98 Views

Comments