නැන්දණිය හා මිත්තණිය ඝාතනය කල තරුණයා සියදිවි නසා ගනී


ඔහුගේ සිරුර පසුගිය සඳුදා දහවල් ගඟක පාවෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

.

පසුගිය සැප්තැම්බර් මාසයේදී Okayama ප්‍රාන්තයේ ඉබාරා හි පිහිටි තම නිවසේදී සිය 50 හැවිරිදි නැන්දා සහ 74 හැවිරිදි මිත්තණිය ඝාතනය කල 25 හැවිරිදි තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ.

ඔහුගේ සිරුර පසුගිය සඳුදා දහවල් ඔයිටා ප්‍රාන්තයේ කොකෝනෝ හි පාලමකට යටින් ගඟක පාවෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

අදාල තරුණයා සැප්තැම්බර් 26 වන දින උදෑසන 8:30 ට පමණ ඔහුගේ සීයාගේ නිවසේදී ඔහුගේ මිත්තණිය වන සචී මියාමොටෝ සහ ඔහුගේ නැන්දා වන චිසෝනෝ ඇන්ඩෝට ලෝහ පිත්තකින් හිසට කිහිප වතාවක් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

 

133 Views

Comments