ගොවිපල හිමියාගේ වැරදුණු කපුටු දඩයම


ගොවිපල හිමියාගෙන් අත්වැරදීමෙන් සේවකයා අනතුරේ වැටේ

.

සඳුදා උදෑසන 8 ට පමණ වායු තුවක්කුවක් යොදා ගනිමින් වගාවට හානි කරන කපුටන් විනාශ කිරීමට Hokkaido ප්‍රාන්තයේ Betsukai හි පිහිටි ගොවිපලක හිමිකරු විසින් ගත් උත්සාහයකදී ගොවිපලේ සේවය කළ 21 හැවිරිදි තරුණයකුට වෙඩි වැදී ඇති අතර නොසැලකිලිමත් භාවය හේතුවෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් Katsuyasu Fujikura නම් තුවක්කුවේ හිමිකරු  අත්අඩංගුවට ගැනීමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. 

 

මෙහිදී හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තරුණයා කෝමා තත්වයේ පසුවන බවත් Fukujira සතුව වායු තුවක්කුවක් ළඟ තබා ගැනීම වෙනුවෙන් නිකුත් කරනු ලබන බලපත්‍රය නොතිබූ බවත් වාර්තා වේ .

 

එමෙන්ම අවිධිමත් පරිහරණය, ගිනි අවි සහ කඩු පාලන නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවැරීමට නියමිතව ඇති බව බදාදා දින පොලිසිය ප්‍රකාශ කළේය

Comments