ඉහළ ආසාදන මට්ටම් මධ්‍යයේ COVID-19 මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවෙයි


ජපානයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවෙයි

.

රට තුළ සිඝ්‍රව ව්‍යාප්ත වෙමින් පවතින වසංගතය මධ්‍යයේ අගෝස්තු 18 වන බ්‍රහස්පතින්දා දින ජපාන සෞඛ්‍ය අමාත්‍යංශයේ COVID-19 වෛරස විශේෂඥ උපදේශක මණ්ඩලයේ සාමාජිකයින් රැස්වූ අතර ජපානය මේ දක්වා වාර්තා වූ ඉහළම ආසාදන මට්ටම් දකින බවත් ඒ හේතුවෙන් පෙර නොවූ විරූ පරිදි COVID-19 මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත් එහිදී නිලධාරීන් විසින් රජය වෙත අනතුරු අඟවා තිබේ. 

 

සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයට අනුව, Tokyo සහ Osaka වැනි විශාල නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරා ප්‍රාන්ත 30 ක COVID-19 රෝගීන් සංඛ්‍යාව පෙර සතියට වඩා 0.82 ගුණයකින් වැඩි වී ඇති අතර අධික ව්‍යාප්තිය හේතුවෙන් පරීක්ෂණ පද්ධතියේ ඇතිව තිබෙන ආතතිමය ස්වභාවය , ඔබෝන් නිවාඩුව ආරම්භ වීම සහ වෙනත් හේතූන් නිසා රෝග විනිශ්චය ප්‍රමාද වීම හේතුවෙන් දෛනික ආසාදන සංඛ්‍යාව අවතක්සේරු කිරීමට ඇති හැකියාව උපදේශක මණ්ඩලය මෙහිදී පෙන්වා දුන්නේය.  

 

ඉදිරියේදී උද්ගත විය හැකි තත්ත්වය සම්බන්ධයෙන්, අදහස් දක්වමින් මණ්ඩලය කියා සිටියේ “ඔබෝන් නිවාඩු කාලය තුළ මිනිසුන්ගේ හැසිරීම් රටාවේ ප්‍රතිවිපාක දැඩි ලෙස අත් විඳීමට සිදුවේ යැයි කනස්සල්ලක් අප සතුව පවතින අතර, මුල් අවධියේ ආසාදන සංඛ්‍යාව අඩු නොවන තාක් කල්, සෞඛ්‍ය සේවා පද්ධතිය දිගු කාලයක් වෙහෙසට පත් වනු ඇත" යනුවෙනි

97 Views

Comments