වයෝවෘද්ධ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සාත්තු සේවකයා


වයෝවෘද්ධ කාන්තාවගේ මරණයට වගකිවයුතු සේවකයා අත්අඩංගුවට ගනී

.

2021 මාර්තු 5 වන දින රාත්‍රී කාලයේදී Nagoya ප්‍රාන්තයේ පිහිටි සාත්තු නිවාසයක නතර වී සිටි Mieko Kakitani නම් 81 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මාරාන්තික ලෙස අපයෝජනය කළ බවට සැකපිට එහි සේවය කළ Hideyuki Fukushima නම් 34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයකු ප්‍රාන්ත පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු විසින් කාන්තාවට එල්ල කර තිබූ අමානුෂික ප්‍රහාරය හේතුවෙන් කාන්තාවගේ කකුල් දෙකේ සහ පිටේ අස්ථි බිඳීම් ඇතිව තිබූ බවත් ඇයව වහාම රෝහල් ගත කර කිරීමට නිලධාරීන් පියවර ගත් නමුත් ඇයගේ දේහය තුළ සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් ඊට දින දෙකකට පසු මාර්තු 7 වන දින ඇය මිය ගිය බවත් පොලිස් වාර්තා වල සඳහන් වේ .

 

සිද්ධියෙන් දින කීපයකට පසු සාත්තු නිවාසයෙන් පලා ගිය Fukushima, පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු කියා සිටියේ "වැඩිහිටියන් රැකබලා ගැනීමේදී තමා අධික ලෙස කෝපයට පත් වූ බවත් එනිසා එය සිදුවන්නට ඇති බවත්ය"

85 Views

Comments