කොවිඩ් ගැබිණි මව්වරුන් පිළිගැනීමට වෛද්‍ය ආයතනවලට සහනාධාර ලබාදේ.


kovind ආසාදිත ගැබිනි මව්වරුන්ට ජපාන රජයෙන් සහනාධාර ලබාදේ

.

බටහිර ජපානයේ කොබේ නගරයේ කොවිඩ්-19 වැලදුනු ගැබිනි රෝගීන් පිළිගන්නා ප්‍රසව වෛද්‍ය ආයතනවලට සහනාධාර ලබා දීමට තීරණය කර ඇත.  මෙය ක්‍රියාත්මක කර ඇත්තේ රෝහලක් විසින් කෝවිඩ් වැලඳී සිටි කාන්තාවක් ප්‍රතික්ෂේප කර නිවසේදී තම ප්‍රසූතිය කිරීමට බල කිරීමෙන් පසුවය.

 

කෝවිඩ් සහිත ගැබිනි මවකට යෙන් 300,000 ආධාර ප්‍රදානයක් නාගරික රජය වෛද්‍ය ආයතන වෙත ලබා දෙනු ඇත. ජපානයේ හත්වන රැල්ල මධ්‍යයේ එවැනි කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදන පැතිරීම වැළැක්වීමට ප්‍රමාණවත් උපකරණ හෝ ප්‍රමාණවත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ආයතන සතුව නොමැතිකමින් බොහෝ ප්‍රසව වෛද්‍ය ඒකක ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.

 

මෙම සහනාධාර වැඩසටහන ඔක්තෝබර් 16 වෙනිදා අවසන් වන අතර නගරය විසින් ඔවුන්ගේ නිත්‍ය රෝගීන් නොවන කෝවිඩ් ගර්භනී කාන්තාවන් පිළිගන්නා බව පවසන වෛද්‍ය ආයතනවලට මසකට යෙන් මිලියන 1.5 ලබා දීමට නියමිතය.

Comments