ඉන්දු පැසිෆික් ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට එක්සත් ජනපදය තේරී පත්වෙයි


ඉන්දු පැසිෆික් ආර්ථික සමුළුවේ සත්කාරකත්වය ඇමරිකාව හිමිකරගනී

.

ජපානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් 14 ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ඉන්දු-පැසිෆික් ආර්ථික සමුළුවේ පළමු සාකච්ඡා වටය එළැඹෙන සැප්තැම්බර් මස 8 දින ලොස් ඇන්ජලීස්හිදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජපාන රජයේ ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය .

 

එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යුත් වෙළඳ මුලපිරීම යටතේ පසුගිය මැයි මාසයේ දියත් කරන ලද සාකච්ඡා ඉදිරියට ගෙන යාම සමුළුවට සහභාගී වන නියෝජිතයින්ගේ අරමුණ ලෙස දක්වා ඇති අතර ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය ධුරයේ කටයුතු කරන Yosutoshi Nishimura, ජපානය නියෝජනය කරමින් දෙදින රැස්වීමට සහභාගී වනු ඇති බව ආරංචි මාර්ග තවදුරටත් සදහන් කළේය .

 

ඕස්ට්‍රේලියාව, බෲනායි, ෆීජි, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නවසීලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් මෙහි සාමාජිකත්වය දරන අතර සාධාරණ වෙළඳාම, සැපයුම් දාම ඔරොත්තු දීමේ හැකියාව, යටිතල පහසුකම් හා පිරිසිදු බලශක්තිය ප්‍රවර්ධනය මෙන්ම බදු හා දූෂණ විරෝධී පාලන ක්‍රමයක් පිහිටුවීම කෙරෙහි සමුළුවේ මූලික අවධානය යොමු කර තිබේ .

104 Views

Comments