ප්‍රංශ හා ජපාන මෝටර් රථ ඒකාබද්ධ වීම යටතේ Renault සහ Nissan සමාගම් ඉදිරි වසර පහ තුළ electric වාහන නිෂ්පාදනයට යුරෝ මිලියන විසිහයක් ආයෝජනය කිරීමට නියමිත බව පසුගිය අඟහරුවාදා දින මෙම සමාගම් විසින් නිවේදනය කළහ.
මෙම සමාගම් දෙපළ සමග ජපානයේ කුඩා මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන Mitsubishi ආයතනයද නිෂ්පාදන වියදම් අඩු කිරීමට පර්යේෂණ, තාක්ෂණ දැනුම සහ අමතර කොටස් සපයමින් දායක වීමට නියමිත අතර මොවුන් විද්‍යුත් වාහන නිදර්ශක 35ක් වසර 2030 වනවිට ලෝ පුරා වාහන වෙළඳ පල වලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.