ජපානයට වඳුරන් ප්‍රවාහනය කළ බව කියන සුරතල් සාප්පු කළමනාකරු අත්අඩංගුවට.


වෛරස සම්ප්‍රේෂණය කරන වඳුරන් ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගනියි

.

මිනිසුන්ට වෛරස් සම්ප්‍රේෂණය කිරීමේ ඉහළ අවදානමක් සහිත වඳුරන් ජපානයට ආනයනය කිරීමට උත්සාහ කළ බවට සැකපිට හිටපු සුරතල් සාප්පු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව ටෝකියෝ පොලිසිය නිවේදනය කර ඇත. 

 

සයිටමා ප්‍රාන්තයේ 48 හැවිරිදි යොෂිහිකෝ මැචිනෝ නමැති සැකකරු ජූනි 2 වැනි දින තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන් තොටුපළෙන් පිටත්වන ගුවන් යානයකට කාඩ්බෝඩ් පෙට්ටිවල සහ ගමන් මල්ලක සඟවාගෙන කුඩා වඳුරන් 21 දෙනෙකු ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළට ආනයනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වී ඇත. 

 

මිනිසුන්ට ඉබෝලා සහ අනෙකුත් බෝවන රෝග පැතිරවීමට ඉඩ ඇති හෙයින් ජපානයට වඳුරන් ආනයනය කිරීම තහනම්ය. සැකකරු පවසා ඇත්තේ ඔහු ඒවා තායිලන්තයේ සිට ජපානයට හොර රහසේ ගෙන ආ බවත් වඳුරන්ව ඔහු විසින්ම ඇති දැඩි කිරීමට අවශ්‍ය වූ බවත් ප්‍රකාශ කර ඇති අතර මචිනෝ තමාට එල්ල කර ඇති චෝදනා පිළිගෙන ඇත.

108 Views

Comments