දැවෙන උණුසුම හමුවේ නිරන්තරයෙන් සිසිල්ව පවතින ජපානයේ හුණුගල් ගුහාව


අධික උණුසුම් කාලගුණ යටතේ සිසිල් වීමට අමුත්තන් බොහෝ පිරිසක් විසින් senbutsu ගුහාවට පැමිනේ

.

ගිනි උදුනක් වැනි ගිම්හානය දිගින් දිගටම ජපානයට පීඩා එල්ල කරමින් පවතින මොහොතක නිරිතදිග ජපානයේ Fukuoka ප්‍රාන්තයේ Kitakyushu නගරයේ Kokuraminami Ward හි පිහිටා ඇති Senbutsu හුණුගල් ගුහාව තුළට පැමිණෙන අමුත්තන් හට ප්‍රසන්න සිසිල් පරිසරයක් භුක්ති   විඳීමේ හැකියාව ලැබී ඇති බව වාර්තා වේ .

 

බාහිර පරිසරයේ උෂ්ණත්වය කොතරම් විචලනය වුවද ගුහාව තුළ උෂ්ණත්වය මුළු වසර පුරාම සෙල්සියස් අංශක 16ක් ලෙස පවතී. Celsius ගුහා සඳහා ප්‍රසිද්ධව පවතින Hiraodai සානුවේ විශාලතම ගුහා වලින් එකක් වන මෙය ජාතික ස්වාභාවික ස්මාරකයක් ලෙස නම් කරන ලද පෞරාණික මෙන්ම ඓතිහාසික ස්ථානයක් ලෙස සැලකේ. 

 

දොරටුවේ සිට මීටර් 480 ක් පමණ ගුහාව තුළට, පැමිණෙන විට 14 C උෂ්ණත්වයක් සහිතව මොනොලිතික් හුණුගල් නිර්මාණයක් ඔස්සේ ගලා යන භූගත දිය පහර දැකගත හැකි වන අතර දර්ශන නැරඹීමේ ස්ථානයේ ප්‍රධාන කළමනාකරු Shozo Yoshida මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේ "COVID-19 වසංගතය හේතුවෙන් පසුගිය කාලය තුළ පැමිණි අමුත්තන් සංඛ්‍යාව 30% කින් පමණ පහත වැටුණු නමුත් එය ඉදිරියේදී යළිත් වරක් සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි." 

 

අයහපත් කාලගුණය හැර සෑම දිනකම ගුහාව අමුත්තන් වෙනුවෙන් විවෘතව පවතින අතර උසස් පාසල් සිසුන් සහ ඊට වැඩි අය සඳහා යෙන් 900, කනිෂ්ඨ උසස් පාසල් සිසුන් සඳහා යෙන් 600 , ප්‍රාථමික පාසල් සිසුන් සඳහා යෙන් 500, සහ වයස අවුරුදු 4 හෝ ඊට වැඩි ළමුන් සඳහා යෙන් 200 වශයෙන් ප්‍රවේශය සදහා සුළු ගාස්තුවක් අය කෙරේ.

160 Views

Comments