ජපානයෙන් අරාබියට ඉල්ලීමක්...


ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida පසුගියදා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙතින්..

.

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida පසුගියදා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙතින් ඉල්ලා සිටියේ ලෝක බොරතෙල් මිල අර්බුදය සමනය කිරීම සදහා ක්‍රියාකාරී ලෙස මැදිහත් වන ලෙසටයි.

එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරා සමග දුරකථන සංවාදයක් පවත්වමින් ජපාන අග්‍රාමාත්‍ය වරයා මෙම ඉල්ලීම කර තිබේ. දෙරටේම නායකයින් මෙහිදී එකග වී ඇත්තේ, බොරතෙල් මිල පාලනයකින් ගෙන යෑම සඳහා රටවල් දෙක සහයෝගයෙන් ක්‍රියාත්මක වීමටයි. රුසියානු යුක්රේන අර්බුදය සමග මේ වනවිට ලෝක බොරතෙල් වෙලදපොල ඉතාමත් බරපතළ තත්වයකට පත්ව තිබේ.

129 Views

Comments