ටෝකියෝ හි කෞතුකාගාරයක් වසර ගණනාවකට වසා දැමේ


ජපානයේ ටෝකියෝ නුවර අනිවාර්යෙන්ම මට බැලීමට යායුතු කෞතුකාගාර දෙකකි. ඉන් එකක් අසහාය කලාත්මක

.

ජපානයේ ටෝකියෝ නුවර අනිවාර්යෙන්ම මට බැලීමට යායුතු කෞතුකාගාර දෙකකි. ඉන් එකක් අසහාය කලාත්මක නිර්මාණ සහ පුරාණ භාණ්ඩ සහිත  Ueno උද්‍යානයේ දී ස්ථාපිත Tokyo ජාතික කෞතුකාගාරය වන අතර අනෙක  පුරාණ ජපාන ජාතිකයන් ගේ ජීවන රටාව සහ එහි සංස්කෘතික හරයන් විදහා දක්වන Edo-Tokyo කෞතුකාගාරයයි.

 

Edo යනු ටෝකියෝ හි පුරාතන නාමයයි.  මේ කෞතුකාගාරයේ දැක්වෙන්නේ Edo යුගයේදී  ටෝකියෝ   නුවර මිනිසුන්ගේ ජීවන රටාව හා සබැඳි  කාරණායි. 

 

මෙම සතියේ එම කෞතුකාගාරයේ පරිපාලනය විසින්  කෞතුකාගාරය තුල විශාල ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත් කෙරෙන හෙයින්  එළඹෙන අප්‍රේල් පළවෙනිදා සිට වසර තුනක කාලයකට ඒ වසා දැමීමට නියමිත බව ප්‍රකාශ කරන ලදී .එම පුවතත් සමඟ ම කෞතුකාගාරය නැරඹීමට  අතිශයින්ම ප්‍රිය කරන ජනතාව මෙම කාලය ඉතා දිගු කාලයක් බවත් ඒ වසා දැමීමට පෙර  එය දැකබලා ගැනීමට අවශ්‍ය බව පවසමින්  සමාජ මාධ්‍ය ජාලාවල අදහස් ප්‍රකාශ කර තිබිණි .

Comments