සුනඛයන් නාඳුනන අයට වඩා අයිතිකරුවන් ගැන කඳුළු හෙළයි.


සුනඛයන් තම අයිතිකරුවන් ඉදිරියේ දී සංවේදී වෙන ප්‍රමාණය සමීක්ෂණයකින් හෙළිවේ

.

සුනඛයන් තම අයිතිකරුවන් සමඟ නැවත එක් වූ විට වැඩිපුර කඳුළු හෙළන බව සොයා ගත් බව ජපාන විද්‍යාඥයන් පිරිසක් පවසා ඇත. නව අධ්‍යයනය පවසන්නේ මෙය සතුන් හීලෑ කිරීමේ ක්‍රියාවලියේදී වර්ධනය විය හැකි ලක්ෂණයක් වන අතර ඔවුන් මිනිසුන් සමඟ ඔවුන්ගේ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කිරීමේදී මෙය සිදුවන  බවයි.

 

පැය පහකට වඩා වැඩි කාලයක් වෙන්වීමෙන් පසු ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ නැවත එක්වීමට පෙර සහ පසුව සුනඛයන්ගේ කඳුළු පරිමාව විද්‍යාඥයින් විසින් සංසන්දනය කර ඇත. ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ සිටීමෙන් පසු කඳුළු ප්‍රමාණය සාමාන්‍යයෙන් සියයට 15.9 කින් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව ඔවුන් සොයා ගෙන ඇත. නමුත් ආගන්තුකයෙක් සමඟදී වෙනසක් වී නොමැත.

 

මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කරන විට සුනඛයන් තුළ නිකුත් වන හෝමෝනයක් වන ඔක්සිටොසින් කඳුළු නිෂ්පාදනයට ද දායක වන බව විද්‍යාඥයන් යෝජනා කර ඇත. විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ බල්ලන් තම අයිතිකරුවන් සමඟ ධනාත්මක සබඳතා ඇති කර ගැනීම සඳහා කඳුළු වගුරුවන බවයි.

133 Views

Comments