පැය 16 1/2 ක පමණ කාලයක් මිනිසෙකුට වතුර නොදී හෝ වැසිකිලියක් භාවිතා කිරීමට ඉඩ නොදී බැඳ තබා ගැනීමෙන් පසු පොලිසියට උපදේශනයක් යැවීමට ෆුකුෂිමා ප්රාන්තයේ නීතිඥවරුන් සූදානම් වේ. ෆුකුෂිමා නීතීඥ සංගමය අගෝස්තු 22 දින නිවේදනය කර සිටියේ කොරියාමා පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකු රැඳවියාගේ පුද්ගලික අයිතීන් උල්ලංඝණය කිරීම හේතුවෙන් එදිනම දිනැති ලිඛිත නිර්දේශයක් ෆුකුෂිමා ප්රාන්ත පොලිස් මූලස්ථානයට යවන බවයි.
එම ලේඛනයට අනුව පොලිසිය සවස 5.30 ට පමණ 40 හැවිරිදි පුද්ගලයකු සොරකමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් එම පුද්ගලයාව බිමට දමා ඔහුට මාංචු දමා ඔහුගේ ඉණ වටා පටියකට සවි කර ඇත. පසුව පොලිසිය සැකකරුගේ දෙපා සෙලවීමට නොහැකි වන ලෙස ලණුවකින් ගැට ගසා පසුදා පෙරවරු 10 පමණ වනතුරු ඔහු එම ස්ථානයේ තබාගෙන ඇත. එම කාලය තුළ රැඳවියාට ජලය ලබා දී හෝ වැසිකිළියක් භාවිතා කිරීමට අවසර දී නොමැත.