නැවත කිසිදා නිර්මාණය නොවිය යුතු ඛේදනීය අතීතය...


දෙවන ලෝක යුධ සමයේ දී, ජපාන හමුදා විසින් ඇමරිකාවේ පර්ල් වරාය වෙත එල්ල කරන ලද දරුණු ප්‍රහාරය..

.

දෙවන ලෝක යුධ සමයේ දී, ජපාන හමුදා විසින් ඇමරිකාවේ පර්ල් වරාය වෙත එල්ල කරන ලද දරුණු ප්‍රහාරය අවසාන වූයේ, ඇමරිකාව විසින් ජපානය වෙත එල්ල කරන ලද දරුණු න්‍යෂ්ටික අවි ප්‍රති ප්‍රහාරයකිනි.

තවද, එවකට ඇමරිකානු පරිපාලනය විසින් එරටේ වෙසෙන සියලුම ජපාන ජාතිකයන් සිය නිවාස වලින් පලවා හැර ඇමෙරිකානු හමුදා යටතේ පාලනය වන සිරකඳවුරු වලට ඉතා සමාන කඳවුරු භූමින් වෙතට පන්නා දමන ලදී. මෙ කී හේතුව නිසා කුඩා දරුවන් ඇතුළු විශාල ජපාන ජාතිකයන් පිරිසක් ඉතා අවම පහසුකම් යටතේ මෙකී කඳවුරු තුළ වර්ෂ ගණනාවක් දුක් විඳී බව වාර්තාවල සඳහන් වේ. එකී සිදුවීමට වර්ෂ 80ක් සපිරෙන මොහොතේ දි, ඇමරිකානු වර්තමාන ජනාධිපති Joe Biden පවසා සිටියේ, නැවත කිසි දිනෙක එවැන්නක් සිදු නොවීමට ඇමරිකාව වගකියනු ලබන බවටත්, අතීතයේ සිදු වූ එම සිදුවීමට සමස්ත ඇමරිකාව වෙනුවෙන් ම තමන් සමාව අයද සිටින බවත්ය.

Comments