විදේශයන්හි එන්නත් අලෙවි කරන පළමු ජපාන සමාගම බවට පත්වූ Takeda සමාගම


ජපානයේ Takeda සමාගමට විදේශයන්හි එන්නත් අලෙවි කිරීමට අවස්ථාව ලැබේ

.

COVID-19 එන්නත් නිපදවීමේ දී මඳක් පසුගාමීව සිටින වෛද්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු සහ ජපානයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා වන Takeda Pharmaceutical Co. අඟහරුවාදා නිවේදනය කළේ ඩෙංගු උණ සඳහා හදුන්වා දී තිබෙන එන්නත ඉන්දුනීසියාවේදී අනුමත කර ඇති බවත් ඒ හේතුවෙන් විදේශයන්හි මෙවැනි එන්නතක් අලෙවි කිරීමට සැරසෙන පළමු ජපන් සමාගම බවට සිය සමාගම පත්ව ඇති බවත්ය .

 

සමාගමේ වාර්ෂික විකුණුම් ආදායම ඩොලර් බිලියන 1.6 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් ආසියානු සහ දකුණු ඇමරිකානු රටවල මෙන්ම යුරෝපීය සංගමයේ රටවල භාවිතය සඳහා මෙම එන්නත යොදාගැනීමට හැකිවන පරිදි අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කිරීමට සමාගම සැලසුම් කර ඇති බව වාර්තා වේ .

 

එන්නත සැපයීම ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් සමාගම විසින් තීරණය කර නොමැති අතර, මාත්‍රා දෙකකින් සමන්විත Takeda's එන්නත වයස අවුරුදු 6 සිට 45 දක්වා වූ පුද්ගලයින් සඳහා භාවිතා කළ හැකි වන අතර එන්නත ලබා ගැනීම සඳහා පූර්ව පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

 

කෙසේ නමුත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන්ගෙන් 84% සහ තරමක් දුරට රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ගෙන් 61% වැළැක්වීමට තම එන්නතට හැකි බව ජපාන ඖෂධ සමාගම  මෙහිදී අවධාරණය කළේය.

127 Views

Comments