ෆුකුෂිමා ව්‍යසනයෙන් දශකයකට පසු න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසක් සඳහා වේදිකාව සකසමින් ජපානය වඩාත් අක්‍රිය න්‍යෂ්ටික බලාගාර නැවත ආරම්භ කර ඊළඟ පරම්පරාවේ ප්‍රතික්‍රියාකාරක සංවර්ධනය කිරීම පිළිබඳව කටයුතු කරනු ඇති බව අගමැති ෆුමියෝ කිෂිඩා බදාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
දැනට පවතින ප්‍රතික්‍රියාකාරකවල ආයු කාලය දීර්ඝ කිරීමට රජය බලාපොරොත්තු වන බව පැවසූ කිෂිඩාගේ අදහස් - යුක්රේන අර්බුදය සහ ඉහළ යන බලශක්ති පිරිවැය මහජන මතය වෙනස් කිරීමට සහ න්‍යෂ්ටික බලය පිළිබඳ ප්‍රතිපත්තියක් නැවත සලකා බැලීමට යොමු කර ඇති ආකාරය ඉස්මතු කරයි.
2011 දැවැන්ත භූමිකම්පාවක් සහ සුනාමියක් ෆුකුෂිමා ඩයිචි බලාගාරයේ න්‍යෂ්ටික ව්‍යසනයක් ඇති කළ දා සිට දශකය තුළ ජපානය සිය න්‍යෂ්ටික බලාගාර බොහොමයක් අක්‍රියව තබා ඇත.
තිරසාර බලශක්තිය සහ න්‍යෂ්ටික බලය පිළිබඳව “මහජනතාවගේ අවබෝධය ලබා ගැනීම” ඇතුළුව වසර අවසාන වන විට නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව කිෂිඩා වාර්තාකරුවන්ට පැවසීය.