ඉතිහාසය ලියැවී ඇති ආකාරය අනුව රටේ පුරාණ අගනුවර ලෙස සැලකෙන බටහිර ජපානයේ Nara ප්‍රාන්ත නගරයේ පිහිටා ඇති ලෝක උරුම අඩවියක් වන Nara මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් රාත්‍රී ගිම්හාන උත්සවයක් පැවැති අතර Nara යුගයේ (710-784) චමත්කාරජනක වාතාවරණය ප්‍රේක්ෂකයන්ට භුක්ති විඳීමට ඉඩ සලසමින් වසර තුනකට පසු ප්‍රථම වරට නගරය මෙලෙසින් ආලෝකවත් කෙරිණි.
අතීත ප්‍රෞඩත්වය සිහිපත් කරමින් රදළ ඇඳුම් වලින් සැරසී සිටි පුද්ගලයන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත පෙළපාලියක් මෙහිදී වීදි දර්ශනය කළ අතර Tenpyo Tanabata Matsuri Heijokyo Tenpyosai Natsu ලෙසින් හදුන්වනු ලැබූ මෙම උත්සවය පසුගිය අගෝස්තු 19 සිට 21 දක්වා පැවැත්විණි.
ක්ෂීරපථයට සමාන වන පරිදි Suzakumon ගේට්ටුව අසල ඉටිපන්දම් 8,000 ක් පමණ දැල්වීමටත් විවිධ ආලෝකවත් සැරසිලි සකස් කිරීමටත් සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබූ අතර උත්සවයට සහභාගී වන නරඹන්නන් වෙනුවෙන් විවිධ වර්ගයේ භාණ්ඩ සහිත රාත්‍රී වෙළඳපොළක් ද පවත්වනු ලැබිණි .