Tokyo නගරයෙන් සතියක් තුළ වාර්තාගත COVID මරණ සංඛ්‍යාවක් තහවුරු වෙයි


ටෝකියෝ නුවරින් වාර්තාගත covid මරණ ප්‍රමාණයක් තහවුරු වෙයි

.

අගෝස්තු 16 සිට 22 දක්වා වූ සතිය තුළ ජපානයේ අගනුවර වූ Tokyo හි වාසය කළ පුද්ගලයින් 176 දෙනෙකු වාර්තාගත ලෙස COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව වසංගත ප්‍රවණතාවය විශ්ලේෂණය කිරීම සඳහා පිහිටුවන ලද ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජයේ නිරීක්ෂණ රැස්වීමේදී පසුගියදා අනාවරණය විය . 

 

පෙර සතියට සාපේක්ෂව තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 28 කින් වැඩිවූ අතර වයස අවුරුදු 10 ට අඩු එක් දරුවෙකු සහ අවුරුදු 10-19 අතර එක් දරුවෙකු ඒ අතර වන බව වාර්තා වේ.

 

අගෝස්තු 24 දින වන විට සතිපතා තහවුරු කළ නව සාමාන්‍ය දෛනික ආසාදන සංඛ්‍යාව 20,253 ක් වූ අතර එය පෙර සතිය මෙන් 92% ක් පමණ වේ. අසාධ්‍ය රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කරන ලද COVID-19 රෝගීන් සංඛ්‍යාව 4,277 ක් වූ අතර එය පෙර සතියට වඩා 147 කින් අඩු වී තිබේ.

 

“වැඩිහිටි පුද්ගලයින්ට පමණක් නොව, එන්නත් ලබා නොගත්, තරබාරු හෝ දුම්පානයේ ඉතිහාසයක් ඇති තරුණයින්ට ද දරුණු රෝග ලක්ෂණ ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. ඉදිරි පරම්පරාව දරුණු ලෙස රෝගාතුර වීමේ අවදානමක් ඇත" යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් Tokyo වෛද්‍ය සංගමයේ උප සභාපති Masataka Inokuchi කියා සිටියේය.

113 Views

Comments