මඩ නාය යෑමේ ව්‍යවසනයට අදට මාස 6ක් සපිරේ


ව්‍යසනයෙන් මාස හයකට පසු, ෂිසුඕකා ප්‍රාන්තයේ උණු දිය උල්පත් නිකේතනයක් වන අටාමි හි පසුගිය වසරේ මඩ නාය යාමෙන් මිය ගිය පුද්ගලයන් අනුස්මරනය කරේ.

.

ආදරණීයයන් අහිමි වූ පවුල්, දිවි ගලවා ගත් අය සමඟ එක්ව, ව්‍යසනය සිදු වූ වේලාවේ උදේ 10:30 ට අටාමි හි ඉසුසාන් දිස්ත්‍රික්කයේ යාඥා කළහ. මඩ නාය යෑමෙන් එක් අයකු ද අතුරුදන් වී ඇති අතර, 600 කට පමණ පුද්ගලයන්ට විනාශ වූ හෝ දැඩි ලෙස හානි වූ නිවාසවලින් ඉවත් වීමට සිදු විය. පුද්ගලයන් 130ක් පමණ තවමත් තම නිවෙස්වලින් බැහැරව ජීවත් වෙති. 54 හැවිරිදි යුජි ශෙශිමෝ පැවසුවේ එවකට 77 හැවිරිදි වියේ පසුවූ තම මව යෝකෝගේ මරණයෙන් පසු තමා දිගටම දුක් විඳින බවත් සමහර රාත්‍රීන් නිදා ගැනීමට නොහැකි බවත්ය. ෂිසුඕකා ප්‍රාන්ත පොලිසියේ, ජපාන වෙරළාරක්‍ෂක ෂිමෝඩා කාර්යාලයේ සහ තවත් අයගෙන් 80ක් පමණ ගවේෂකයන් අතුරුදන්ව සිටින කසුකෝ ඔටා සොයා දැඩි සෝදිසි කිරීම් සිදු කළහ. 

 

 

344 Views

Comments