අගනුවර නවතම Corona ආසාදිතයින්ගේ ව්‍යාප්ති ස්වභාවය


ජපානයෙන් තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තා වේ

.

පෙර දින නව ආසාදිතයින් 15,834 දෙනෙකු තහවුරු කිරීමෙන් පසුව අගෝස්තු 29 වන දින ජපාන අගනුවරින් නව COVID-19 රෝගීන් 9880 දෙනෙකු වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය. 

 

එමෙන්ම අද දිනය තුළදී COVID-19 මරණ සංඛ්‍යාව 30 ක් ලෙස සටහන් වී ඇති අතර ඒ අනුව අගනුවර සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 5,267 දක්වා ඉහළ යාම සිදුවිය . 

 

අගෝස්තු පළමු සතිය තුළ රෝගීන් 31,732.7 ක්ද, දෙවන සතිය තුළ රෝගීන් 25,629 ක්ද, තුන්වන සතිය තුළ රෝගීන් 25,892.6 ක්ද සිව්වන සතිය තුළ රෝගීන් 19,544.4 ක්ද වශයෙන් සාමන්‍ය දෛනික නව ආසාදිතයින් සංඛ්‍යාව සනිටුහන් වී තිබේ.

118 Views

Comments