තම හදාගත් මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන Osaka ප්‍රාන්ත පොලිසියේ Fukushima පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළ රඳවාගෙන සිටි Rin Takai නම් 28 හැවිරිදි සැකකරුවෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර පසුව ඔහු සැප්තැම්බර් 1 වන දින උදෑසන රෝහල් ගත කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
පසුගිය 2021 වසරේ ජූලි මාසයේදී යෙන් මිලියන 150ක රක්ෂණ මුදල ලබා ගැනීම වෙනුවෙන් Osaka ප්‍රාන්තයේ Takatsuki හි තනිවම වාසය කළ Naoko නම් තම 54 හැවිරිදි හදාගත් මව නිවසේ නාන තටාකය තුළ ගිල්වා මරා දැමීම සම්බන්ධයෙන් Takai ට චෝදනා එල්ල වී තිබූ අතර පොලිස් ස්ථානයේ තුන්වන මහලේ ඔහුගේ සිර මැදිරිය තුළ සිහිසුන්ව වැටී සිටි Takai, එදින උදෑසන 7 ට පමණ නිලධාරියෙකු විසින් පලමුව දැක ඇත.
ඔහු තමා හැද සිටි ටී ෂර්ට් එක භාවිතා කර සියදිවි නසා ගැනීමට තැත් කර ඇති අතර ප්‍රතිකාර අතරතුරදී එක් වරක් ඔහුව කෘත්‍රිමව නැවත පණ ගන්වා ඇති නමුත් ඔහු මේ වනවිට සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
පවුලේ සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව ඔහුගේ දරුකමට හදා ගැනීමේ ලියකියවිලිවල ඔවුන්ගේ නම් ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පලමු වරට Takai පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව යළිත් වරක් අගෝස්තු 25 වන දින මිනීමැරුම් සහ වංචා කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.