මාස කිහිපයකට පසු Kazu I යාත්‍රාවේ ගමන් කළ මගියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ


Kazu 1 නෞකාවේ මළ සිරුරු වරින්වර සොයා ගැනේ

.

පසුගිය අප්‍රේල් මස 23 දින ජපානයට උතුරු දෙසින් පිහිටි Hokkaido ප්‍රාන්තයේ Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ගිය Kazu I සංචාරක බෝට්ටුවේ ගමන් කළ මගියෙකුගේ විය හැකි බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් නැගෙනහිර රුසියාවේ Sakhalin දූපතේ Tomori දිස්‌ත්‍රික්‌කයේ වෙරළ තීරයේ තිබියදී අගෝස්තු 28 වන දින සොයා ගත් බව රුසියාව විසින් ජපාන වෙරළාරක්ෂක බලකායට වාර්තා කර තිබේ.

 

රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා මෙලෙස හමුවූ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කිරීමට JCG අපේක්ෂා කරන බවත් මූලාශ්‍ර වලට අනුව, එම පුද්ගලයා උසින් සෙන්ටිමීටර 160 ක් පමණ වන වයස්ගත පුද්ගලයකු වන බවත් මෙහිදී නිලධාරියෙකු සදහන් කළේය. 

 

මෙම ගිලුණු බෝට්ටුවේ ගමන් කරමින් සිටි බවට සැලකෙන මගීන් සහ කාර්ය මණ්ඩලයට අයත් 26 දෙනාගෙන් 14 දෙනෙකු අනතුරින් මිය ගිය අතර 12 දෙනෙකු තවමත් අතුරුදහන් පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වේ.

 

එමෙන්ම ජපානය විසින් හිමිකම් කියන සහ රුසියාව විසින් පාලනය කරනු ලබන උතුරු ප්‍රදේශවලින් එකක් වන Kunashiri දූපතෙන් සහ දකුණු Sakhalin ප්‍රදේශයෙන් බෝට්ටුවේ සිටි බවට සැලකෙන පිරිමින් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ සිරුරු පසුගිය කාළය තුළදී වරින්වර සොයා ගත් අතර දකුණු Sakhalin වරායේ සිට මළ සිරුරු තුන ජපානයට රැගෙන යාම සඳහා JCG මුර යාත්‍රාවක් යැවීමට Moscow සහ Tokyo එකඟ වී ඇති බව වාර්තා වේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසය වනවිට ජපාන නිලධාරීන්ට මළ සිරුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර DNA පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කෙරෙනු ඇත.

128 Views

Comments