ජපන් නළු Teruyuki Kagawaගේ රූපවාහිනී වැඩසටහන් ඇතුළු බොහෝ මාධ්‍ය කටයුතු අත්හිටුවෙයි


Teruyuki Kagawaගේ නොමනා හැසිරීමට දඩුවම් ලැබේ

.

Tokyo අගනුවර හි තැබෑරුම් හලකදී සත්කාරක සේවයේ නිරතව සිටි සේවිකාවකගේ යට ඇඳුම් ඉවත් කිරීම ඇතුළු අශෝභන ක්‍රියා කීපයක් සිදු කළ බවට පසුගියදා පළ වූ සතිපතා සඟරාවක දක්වා තිබීමත් සමග ජපන් නළු Teruyuki Kagawaගේ රූපවාහිනී සංදර්ශන සහ අනෙකුත් මාධ්‍ය කටයුතු අත්හිටුවීමට ඔහු සමඟ ගිවිසුම් අත්සන් කර තිබූ සමාගම් පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

 

මෙහිදී Tokyo Broadcasting System Television Inc. (TBS) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ " 56 හැවිරිදි Kagawa විසින් යාවත්කාලීන සිදුවීම් මූලික කර ගනිමින් සිකුරාදා දිනවල පවත්වනු ලැබූ "The Time" වැඩසටහනේ මෙහෙයුම් කටයුතු වලින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. විවිධ ප්‍රවෘත්ති ගෙන එන පුළුල් විවිධත්වයකින් යුතු තොරතුරු වැඩසටහනක් ලෙස සැලකෙන වැඩසටහන තුළින් නරඹන්නන්ට අපහසුතාවයක් හෝ සැකයක් ඇති නොකළ යුතු බවට අප විශ්වාස කරන බැවින් ඔහුගේ නියෝජිතායතනය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මෙවැනි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අප කටයුතු කළෙමු" යනුවෙන් ඔහු තව දුරටත් සදහන් කළේය. 

 

මේ අතර, සැප්තැම්බර් 1 වන දින නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, NHK සභාපති Terunobo Maeda විසින් Kagawaගේ වාර්තාගත හැසිරීම "සිදු නොවිය යුතු දෙයක්" ලෙසට විවේචනය කළ අතර "මම හිතන්නේ වැඩසටහන් හොඳයි කියලා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රංග ශිල්පීන්ට ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙනවා කියලා. අපි සමාජය තුළ ප්‍රශ්න ඇති කරන්න හොඳ නැහැ. අපි ඒ පිළිබඳව වැඩසටහනෙන් ඔබ්බට විත් වෙනමම හිතන්න ඕනේ" යනුවෙන් පැවැසීය. 

 

Kagawa විසින් Toyota Motor Corp. හි වෙළඳ දැන්වීම් සඳහා ද මීට පෙර පෙනී සිට ඇති නමුත් සමාගම නිවේදනය කළේ එය මේ වසරේ කල් ඉකුත් වන විට ඔහුගේ කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට අදහස් නොකරන බවයි. එමෙන්ම ඔහු පෙනී සිටි වෙළඳ දැන්වීම් විකාශය කිරීම අත්හිටුවීමට ද සමාගම පියවර ගෙන ඇති අතර ඔහු මෝටර් රථ නිෂ්පාදකයාගේ "Toyota Times" ප්‍රකාශනයේ "ප්‍රධාන සංස්කාරක" ලෙසද සේවය කර ඇති බැවින් සමාගම විසින් නව අනුප්‍රාප්තිකයෙකු සෙවීමට කාලය යොදවා ඇති බව පැවැසේ.

122 Views

Comments