ජපානය ඇතුළු කලාපීය රටවල් නැවතත් භීතිකාවට පත්කරමින් උතුරු කොරියාව විසින් තවත් බැලස්ටික් මිසයිල් අත්හදා බැලීමක් සිදුකර ඇති බව ජපාන කැබිනට් ප්‍රකාශක Matsuno Hirokazu විසින් මාධ්‍යයට ප්‍රකාශ කරන ලදී.
ජපානයට නැගෙනහිර දෙසින් වන්නට පිහිටි උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේ මෙකී අත්හදාබැලීම සිදුකර ඇති අතර මෙය ඔවුන් විසින් දිගින් දිගටම මෙම වසර තුළ දී සිදුකරන ලද හත්වන මිසයිල් අත්හදා බැලීම වේ. ජපානය ඇතුළු කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන මෙම අත්හදා බැලීම් සම්බන්ධව ඉතා ඉක්මනින් තීරණයක් ගත යුතු බව ජපානයේ අදහසයි.