Hino Motors හි රුසියාවේ ට්‍රක් රථ නිෂ්පාදනය කිරීමේ සැලසුම අවලංගු කෙරේ


Hino Motors රුසියාවේ ට්‍රක්රථ නිපදවීමේ ක්‍රියාව අත්හිටුවයි

.

Hino Motors විසින් මීට පෙරදී රුසියාව තුල සැලසුම් කර තිබූ ට්‍රක් රථ නිෂ්පාදන ගිවිසුම අවලංගු කිරීමට සමාගම පියවර ගෙන ඇති බව Toyota Motor Crop. හි ට්‍රක් රථ නිෂ්පාදන අනුබද්ධිත ආයතනයේ නිලධාරීන් සෙනසුරාදා නිවේදනය කළහ.

 

එමෙන්ම ජපන් සමාගම තම වාහනවල විමෝචනය සහ ඉන්ධන කාර්යක්ෂමතාවය ඇතුළු එන්ජින් දත්ත ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ඇතිවූ අපකීර්තිමය සිදුවීම් මාලාවකින් අනතුරුව දේශීය වෙළඳපොලේ සිය ට්‍රක් රථ බොහොමයක් නැව්ගත කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ .

139 Views

Comments