ජපානයේදී novavax covid එන්නත ලබා ගත් මිනිසෙක් මිය යයි.


Novavax එන්නත ලබා ගත් පුද්ගලයෙකු ජපානයේ දී මියයයි

.

එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන Novavax Inc. හි කෝවිඩ් එන්නත ජපානයේදී ලබා ගැනීමෙන් දිනකට පසු 29 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇත. සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය සැප්තැම්බර් 2 වන දින එන්නත් වල ආරක්ෂාව ඇගයීම සඳහා විශේෂඥ මණ්ඩලයේ රැස්වීමකදී එම පුද්ගලයාගේ මරණය වාර්තා කර ඇත.. Novavax එන්නත ලබා ගැනීමෙන් පසු ජපානයේ වාර්තා වූ පළමු මරණය මෙය වේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මෙම පුද්ගලයා අගෝස්තු 17 වන දින දෙවන එන්නත ලබා ගෙන ඇති අතර ඔහු පසුදා උදෑසන සිට උණ වැළඳී නිවසේ විවේක ගනිමින් සිට ඇත. මෙම පුද්ගලයාට සවස් වරුවේ හෘදයාබාධයක් ඇති වූ අතර වහාම රෝහලට ගෙන ගිය නමුත් ඔහු මියගොස් ඇති බව තහවුරු වී ඇත

Comments