ජපාන ඉන්දීය ආරක්ෂක ඇමතිවරු ආරක්ෂක සහයෝගීතාව තහවුරු කරයි.


ජපාන හා ඉන්දියානු ආරක්ෂක ඇමැතිවරුන් හමු වේ

.

ජපානයේ සහ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරු ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කිරීමට තම රටවල් කටයුතු කරන බව තහවුරු කර ඇත. ජපානයේ ආරක්ෂක අමාත්‍ය හමාඩා යසුකාසු සහ ඔහුගේ ඉන්දීය සහකරු රාජ්නාත් සිං බ්‍රහස්පතින්දා උදෑසන ටෝකියෝහිදී හමුවී ඇත.

 

හමාඩා පවසා සිටියේ රටවල ආරක්ෂක බලධාරීන් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කර ඇති බවයි. එලෙසම නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගැඹුරු ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවක් සඳහා ඔහු බලාපොරොත්තුව පළ කර ඇත.

 

ඉන්දු පැසිෆික් සහ ඉන්දියන් සාගර කලාපවල සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා දෙරටට නිශ්චිත කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය සිං එහිදී පවසා ඇත.

92 Views

Comments